සාද රහසිගතව පවත්වන විට පොලිසිය දැනුවත් කරන්න- මහජනතාවගෙන් ඉල්ලීමක්

 

විශේෂයෙන් සති අන්තවලදී සත්කාරක සාද සහ වෙනත් කටයුතු දැඩි ලෙස තහනම් කර ඇති අතර රහසිගතව මෙවැනි ක්‍රියාකාරකම් සිදුවන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිසියට 119 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.


නිරෝධායන රෙගුලාසි උල්ලංගනය කිරීමක් වන මෙවැනි ක්‍රියාකාරකම් වලක්වාලීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සූදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහන මහතා පැවසීය.

මෙම කාලය තුළ මත්පැන් විකිණීම හා බෙදා හැරීම සපුරා තහනම් බවත්, තහනමට අගෞරව කරන අය ගැන පොලිසිය සොයා බලමින් සිටින බවත් ඔහු පැවසීය.

Post a Comment

Previous Post Next Post