ඉන්ධන මිල වැඩි කිරීම අනුමත කරයි

 


ජීවන වියදම පිළිබඳ කැබිනට් අනු කමිටුව විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 

“නව මිල බලපැවැත්වෙන දිනය මුදල් හා බලශක්ති අමාත්‍යාංශ විසින් තීරණය කරනු ලැබේ” යැයි අමාත්‍ය ගම්මන්පිල පැවසීය.

රජය සතු ඛනිජ තෙල් සමාගමක් වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සීපීසී) අලාභය පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කර තිබුණි. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවී ඇති පාඩු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කමිටුව අවස්ථා කිහිපයකදී රැස්විය.

Post a Comment

Previous Post Next Post